phone




ඔබගේ ජංගම දුරකතනයේ ආයු කාලය වැඩි කරගනිමු.

කුඩා දරුවන් වැඩෙන අවදියේ පසුවන බැවින් දුරකථන මගින් නිකුත් වන කිරණ දරුවාගේ මොළය වර්ධනයට බලපෑම් ඇති කරයි. ඔබ දරුවට අවංකව ආදරේ නම් ඔබගේ දුරකතනය call එකක් අවම දරුවාගේ අතට දෙන්න එපා (වයස 5 වැඩි වන තෙක් ),පුළුවන් සැම අවස්ථාවකම headset එක භාවිතා කරන්න,හැකි තරම් ජංගම දුරකථන වෙනුවට ගෘහස්ථ  දුරකථන ඔබ බාවිතා කරන්න (ලංකාවේ අපි land-phone use කලොත් ණය වෙන්න තමා වෙන්නේ English FILM වල ඔබ දැක ඇති ඔවුන් ගෙදරදී mobile phone භාවිතා කරන්නේ අඩුවෙන්, අපි වගේ 4න් එකෙන් love කරන්නේ නෑනේ ඉතින් ඒ අයට mobile phone මගින් මොළේ පිළිකා ඇති වීමේ අවදානම අඩුය.)

**කුඩා දරුවන්ට ඔබගේ දුරකථනය සෙල්ලම් කරන්න දෙන්න එපා ඔවුන්ට ඔබගේ දුරකතනයේ වටිනාකම  පිලිබදව වැටහීමක් නොමැත. ළමයාට මෙය තවත් සෙල්ලම් බඩුවක් පමණි එම නිසා ඔබගේ දුරකථනය දරුවා විසිකර දැමිය හැකිය  
  
 01. හැකි සෑමවිටම ජංගම දුරකථනය බිම වැටීම් වලින් ආරක්ෂා කරගන්න.


ජංගම දුරකථන වලට සිදුවන හානි වලින් 85%ක් ම පමණ මෙම බිම වැටීම් හෝ වැදීම් මගින් සිදුවන ඒවාය.එම නිසා පෑස්සුම් බුරුල් වීම, ඩිස්ප්ලේ ආදී සංවේදී උපකරණ වලට හානි සිදුවීම,පාස්සා නොමැති එකට යාවීම මගින් සම්බන්ද වන උපකරණ ස්ථානගත වීම් වෙනස් වීම,ඇතැම් සියුම් පරිපථ කොටස් කැඩී යාම පවා සිදුවිය හැකිය.


02.හැකි සෑම විටම ජංගම දුකථනය ජලයෙන් ආරක්ෂා කරගන්න.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgbE4Qd1zwZqNAZwPO1IWoEDifRYAp70p0oIDolwmyQUI2qoSWlOnc4aTIKRX1KwRcD8OExj58ygwcxzk5r296waTcOzXFWYiPokE2dafHfXIL4b11DzN_t82XIZQ6FOy8vB0IDV3ZUjAdR/s1600/Water+Damage+Restoration+May+Restore+Your+Cell+Phones.jpg 


 මෙහි ජලය යන්නෙන් අදහස් කරනුයේ ජංගම දුරකතනය වතුරට වැටීම නොව ජල වාෂ්ප, ජල බිඳිති , ආදියයි.මේවා මගින් ඔබට නොදැනෙන්න ජංගම දුරකතනයට හානි සිදුවේ.ඇතුලත සියුම් කොටස් මලකෑම, දියසෙවෙල් බැඳීම පවා සිදුවේ. මට හමුවී ඇති බොහෝ ජංගම දුරකථන මේ ආකාරයේ දියසෙවෙල් බැඳීම් වලට ලක්වී තිබී ඇත.
කොහොම හරි වතුරට ( වැස්සට තෙමුනොත් වගේ ) ෆෝන් එක වැ‍ටුනොත් එහෙම වහාම ෆෝන් එකේ බැටරිය ගලවලා හාල් මුට්ටියක සතියක් පමන වියලෙන්න ඉඩ හරින්න.වතුර ගොඩක් ඔබගේ දුරකථනය ගිය බව දැනුනේ නම් බැටරිය ගලවා දුරකථන  අලුත්වැඩියා කරන  තැනකට ගෙනියන්න. දුරකටනයට වතුර ගිය පසු ලෙඩ එන්නේ පසුවය එය ගලවා සර්විස් කිරීම තුලින් ඔබගේ දුරකතනය බේරා ගත හැකිය


http://3.bp.blogspot.com/-iHucIG6gJfI/UOOZPUbZ0qI/AAAAAAAAL9M/kp2DsUIiyFc/s1600/cell+phone.jpg


03. ජංගම දුරකථනය සාක්කුවේ හෝ වෙනත් බෑගයක පොකට්ටුවක හෝ දමනවා නම්

එය කාසි , යතුරු , යතුරු කටු ආදී ලෝහ උපකරණ සමග දැමීමෙන් වලකින්න.බොහෝවිට සිරීම් ඇතිවේ.

04. ප්ලාස්ටික් රබර් හෝ මේ ආදී ඕනෑම කවරයක් භාවිතා කරනවානම්
මසකට වරක්වත් එය ගලවා පිරිසිදු කරන්න.මන්දයත් දුවිලි අංශු සහ සියුම් වැලි කැට මගින් එය සිරීම් වලට ලක්විය හැකිය.


05. මාස 8 කට වරක් වත් ජංගම දුරකථන අලුත් වැඩියා සැලකට දී ජංගම දුරකථනය සර්විස් කරගන්න.
මේ සමගම ඔබට අලුත් වැඩියා කරගත යුතු යමක් තිබේ නම් එයද ඔවුනට පවසන්න.මෙලෙස සර්විස් කලයුතු කාලසීමාව ඔබගේ පාවිච්චිය අනුව තීරණය වේ.තවද මෙමගින් ජංගම දුරකතනයේ ඔබට පිරිසිදු කල නොහැකි ස්ථාන පිරිසිදු කරගත හැකිය.

06. හැකි සෑම විටම ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර චාර්ජ් කරන්න.

ගොඩක් දෙනා මේකනම් කරන්නේ නැහැ.ඔන් කරගෙනම තමයි චාර්ජ් කරන්නේ මේක බැට්රි එකට හොඳ නැහැ.අනවශ්‍ය විදියට බැට්රි එක රත් වෙන්න බලනවා.අනිත් එක තමයි ඔන් කරලා චාර්ජ් කරනවට වැඩිය සැලකියයුතු වෙලාවක් බැට්රි එක ඕෆ් කරලා චාර්ජ් කරහම පාවිච්චි කරන්න පුළුවන්.ඔන් කරලා චාර්ජ් කරනකොට ඒ ආරෝපණය වෙන ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ෆෝන් එකේ වෙන වෙන වැඩ වලට වැය වෙනවා නමුත් ඕෆ් කරහම එහෙම නෑ.එක බැට්රි එකේ ආයුකාලයටත් හොඳයි.

07. Brightness,Contrast හැකි තරම් අඩුව ඔබට පැහැදිලිව තිරය පෙනෙන තරමට තබාගන්න.

මේක හින්දත් ඔයාලගේ ෆෝන් වල බැට්රි බහිනවා ගොඩක් ඉක්මනට.ඒ හින්ද මේ දෙක පුළුවන් තරම් අඩු මට්ටමක තියාගන්න.නමුත් දවල් කාලයට අව්ව තියෙන වෙලාවට වගේ තිරය පැහැදිලිව දකින්න නම් මේ දෙක ටිකක් වැඩි මට්ටමක තියෙන්න ඕන.ඒ නිසා පුළුවන් වෙලාවට මේක ඇජස්ට් කරගන්න.මහා අමාරු වැඩක් නෙමේ නේ.රෑට නම අඩුම කරලා තියාගත්තත් කමක් නැහැ.අවුලක් නැතුව පේනවා.



08. චාර්ජ් කිරීමට ජංගම දුරකථනය සම්පුර්නයෙන්ම ක්‍රියා විරහිත වන තුරු ඉන්න එපා.
ගොඩක් දෙනා කරන්නේ ෆෝන් එක බැට්රි ලෝ කියල වැටිලා වැටිලා අන්තිමට ෆෝන් එක ඕෆ් වෙනකන්ම පාවිච්චි කරන එක.මේකත් එච්චර හොඳ දෙයක් නෙමේ.පුළුවන් හැම වෙලාවකම දෙපාරක් විතරවත් බැට්රි ලෝ කියල වැටුනට පස්සේ ෆෝන් එක ඕෆ් කරලා චාර්ජ් කරන්න.

09.ඇතුලතින් ක්‍රියාත්මක වන වැඩසටහන් ප්‍රමාණය හැකි තරම් අඩු කලයුතුය.
මේකත් කියන්න දෙයක් නැහැ නේ. ජාවා වලින් රන් වෙන ෆෝන් වලට නම මේ ගැටලුව ඒ තරම් බලපාන්නේ නැහැ. නමුත් Symbian ,Android , IOS වගේ ෆෝන් වලටනම් මේක බලපානවා. ගොඩක් දෙනා Android ෆෝන් වල බැට්රි බහිනවා කියල කෑගහන්නේ මේක නිසා තමයි.මේ ෆෝන් එකක Running ඇප් ලිස්ට් එකට ගියහම ගොඩක් වෙලාවට ඇප් 10 ක් 15 ක් රන් වෙනවා මේ ගොඩක් ඒවා සමහර වෙලාවට OS එකෙන්ම රන් කරන ඒවා. නමුත් මේ එකක් දෙකක් වත වැඩක් නැති ඒවා බලල ක්ලෝස් කරන්න පුළුවන් නම් බැට්රි ඉතුරු කරගන්න පුළුවන් වෙයි සැලකිය යුතු ප්‍රමාණයක්


nokia
Nokia Ovi Suite
Update your Mobile Software
Mobile phone accessories
Bluetooth Headsets


Flag Counter
Comments
0 Comments

top baner